Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩතහනම්

    December 24, 2025

    කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්

    December 24, 2025

    සෑම සහයෝගයක්ම ලබාදෙන බවට මෝදිගෙන් ලංකාවට සහතිකයක්

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්තර ලංකා සභායේ කුමන්ත්‍රණයක්
    Featured

    උත්තර ලංකා සභායේ කුමන්ත්‍රණයක්

    By LFNJanuary 29, 2023No Comments2 Mins Read267 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා  එසේ කීය.

    උත්තර ලංකා සභාගයේ  සාමාජික පක්ෂ හතෙන් ප්‍රධාන පක්ෂයක් ලෙස සම සමාජ පක්ෂය තිබුණත් පළමු වරට පැවැත්වූ උත්තර ලංකා සභාගයේ මංගල  මැතිවරණ රැස්වීමට තම පක්ෂයට ආරාධනා නොකළ බවත් එය තම පක්ෂය උත්තර ලංකා සභාගයෙන්  ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් බව විශ්වාස කරන බවත්  තිස්ස විතාරණ මහතා මෙහිදී කීය.

    මෙම මංගල රැස්වීමට එක වචනයකින්වත් තමන්ට ආරාධනා නොකළ බවත් එහෙම රැස්වීමක් තිබූ බව තමන් දැන ගත්තේ  අද මහනුවරට පැමිණි පසුව බවත් ඒ මහතා කීය.

    උත්තර ලංකා සභාගය තුල සම සමාජ පක්ෂය  විශාල වැඩ කොටසක් සිදු කරන බවත් රට විදේශිය කුමන්ත්‍රණවලින් ආරක්ෂා කර ගන්නට මුල සිටම ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළ තිස්ස විතාරණ මහතා එම ක්‍රියාවන්ට අකුල් හෙළන පිරිසක්  තමන්ව  උත්තර ලං කා සභාවෙන්  ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත් කීය. කෙසේ වුවත් තම පක්ෂය උත්තර ලංකා සභාය සමඟ  පවතින සබඳතා තර කර ගනිමන් තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.

    “උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවා ඇති නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ කිරිම සඳහා අප ඉදිරිපත් කළ  අපේකෂකයින් රැසකට අවස්ථාව  ලබා දීල නෑ මේ විදිහට බලන කොට අපේ පක්ෂයට අනෙකුත් පළාත්වලත් මේ හා සමානව කැපිලි දාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි ඉල්ලූ අපේක්ෂකයින් තුනක් වත් ලැබුණේ නෑ. සම සමාජ පකෂයට බලය තියෙන මාතර දිස්ත්‍රික්කයෙනුත් අපේ අපේක්ෂකයින්  ඉවත් කරල තියෙනවා. මේ සියල්ලෙන්ම  පෙනෙන්නේ සම සමාජ පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩතහනම්

    December 24, 2025

    කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්

    December 24, 2025

    සෑම සහයෝගයක්ම ලබාදෙන බවට මෝදිගෙන් ලංකාවට සහතිකයක්

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩතහනම්

    December 24, 20250119 Views

    ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ…

    කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්

    December 24, 2025

    සෑම සහයෝගයක්ම ලබාදෙන බවට මෝදිගෙන් ලංකාවට සහතිකයක්

    December 24, 2025

    උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවාවක්

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.