Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුකුළු මස් හා බිත්තර කර්මාන්තයේ උන්නතිය​ වෙනුවෙන් සාකච්ඡාවක්
    Featured

    කුකුළු මස් හා බිත්තර කර්මාන්තයේ උන්නතිය​ වෙනුවෙන් සාකච්ඡාවක්

    By LFNJanuary 24, 2023No Comments2 Mins Read256 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන් සහ ඊට අදාළ රේඛීය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සත්ව ආහාර හිඟය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගැටලු, ආනයනය කරන සත්ව ආහාර සඳහා පවතින විදේශ විනිමය ගැටලු යනාදිය සහ ඒ සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳ අවධානය යොමු විය.

    මෙම කර්මාන්තයට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමෙන් කර්මාන්තයෙහි පවතින බහුතරයක් ගැටලු විසඳාගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, එම තත්ත්වය යටතේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

    බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන සංගමයේ සභාපති සහ ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපතිවරයා මෙම කර්මාන්තය තුළ පවතින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ‍පිළිබඳ මෙහිදී යෝජනා ඉදිරිපත් කරනු ලැබූහ.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සාමුහික එකඟතාවකට එළැඹීමට කැමැත්ත පළවීම ද විශේෂත්වයක් වූ අතර කර්මාන්තයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සිදුකළ මැදිහත්වීමට ද සියලුදෙනා ප්‍රශංසාව පළ කළහ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202608 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.