Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 2023

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුකුළු මස් හා බිත්තර කර්මාන්තයේ උන්නතිය​ වෙනුවෙන් සාකච්ඡාවක්
    Featured

    කුකුළු මස් හා බිත්තර කර්මාන්තයේ උන්නතිය​ වෙනුවෙන් සාකච්ඡාවක්

    By LFNJanuary 24, 2023No Comments2 Mins Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන් සහ ඊට අදාළ රේඛීය ආයතන වල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සත්ව ආහාර හිඟය, අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගැටලු, ආනයනය කරන සත්ව ආහාර සඳහා පවතින විදේශ විනිමය ගැටලු යනාදිය සහ ඒ සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳ අවධානය යොමු විය.

    මෙම කර්මාන්තයට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් සාමූහික එකඟතාවකට පැමිණීමෙන් කර්මාන්තයෙහි පවතින බහුතරයක් ගැටලු විසඳාගත හැකි බව පෙන්වා දුන් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, එම තත්ත්වය යටතේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

    බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන සංගමයේ සභාපති සහ ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපතිවරයා මෙම කර්මාන්තය තුළ පවතින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ‍පිළිබඳ මෙහිදී යෝජනා ඉදිරිපත් කරනු ලැබූහ.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සාමුහික එකඟතාවකට එළැඹීමට කැමැත්ත පළවීම ද විශේෂත්වයක් වූ අතර කර්මාන්තයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සිදුකළ මැදිහත්වීමට ද සියලුදෙනා ප්‍රශංසාව පළ කළහ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 2023

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    මට ඕන හොඳ ෆයිට් එකක්

    January 30, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,919 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022781 Views

    පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට

    November 17, 2022657 Views
    Don't Miss

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 20230292 Views

    ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට,…

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023

    පුල්මුඩේදී දෙදෙනෙකු කපාකොටා ඝාතනය කරයි

    January 30, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.