Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාණ්ඩාගාරයට ලොකු මුදලක් දෙයි
    Featured

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාණ්ඩාගාරයට ලොකු මුදලක් දෙයි

    By LFNJanuary 24, 2023No Comments1 Min Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබේ.

    මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මෙයට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500ක ප්‍රදානයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙන ලදි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.