Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025

    හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

    November 3, 2025

    පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

    November 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ විභාගය අද ඇරඹෙයි
    Featured

    උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

    By LFNJanuary 23, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ.

    දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ.

    අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත් වේ.

    මේ අතර අපේක්ෂයින් වලංගු හැඳුනුම්පතක් සහ විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඉක්මනින් තම විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

    “දරුවන් සියලුදෙනාම නිසි වේලාවට මධ්‍යස්ථානයට යන්න. අපි උපදෙස් දීලා තියෙන්නේ පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානයේ අසුන් ගන්වන්න කියලා ශාලාධිපතිවරුන්ට. විභාගයට අපි තහනම් කරලා තියෙනවා ජංගම දුරකථන, විද්‍යුත් උපාංග, ස්මාට් ඔරලෝසු, බ්ලූටූත් සහ සංනිවේදන උපාංගයක් තමන් සන්තකයේ තබා ගැනීම, විභාගය ලියන තැනක ප්‍රවේශ වීමට හැකි තැනක ළඟ තබාගැනීම වසර 5ක් දක්වා ඔබට ඉදිරි විභාගයන්ට පෙනී සිටීමට තිබෙන කාලය අහිමිවෙන්න පුළුවන්.”

    විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හිමිවන අමතර කාලය පිළිබඳ විභාග කොමසාරිස්වරයා මෙලෙස අදහස් දැක්වීය.

    “ඒක දෙන්නේ පැය 3ක ප්‍රශ්න පත්තරවලට. ප්‍රශ්න තෝරාගැනීම තියෙන ප්‍රශ්න පත්‍රවලට. අපි බහුවරණ ප්‍රශ්න පත්තරවලට නෙමෙයි දෙන්නේ. බොහෝ වේලාවට පැයක ප්‍රශ්න පත්‍රයක් කියන්නේ බහුවරණ. ඒකේ තෝරා ගැනීමක් නෑ. ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලියන්න ඕනේ. එතකොට කියවන්න ඕනේ නෑ කලින්. හැබැයි අර කියවලා ප්‍රශ්න තෝරාගැනීමේ දී අපි විනාඩි 10ක් අමතරව දීලා තියෙනවා. ඒ කියන්නේ අපි උදේ 8.30ට නම් දෙන්නේ අපි 11.40ට තමා පිළිතුරු පත්‍රය එකතු කරන්නේ. පැය 3යි විනාඩි 10ක් ලබාදෙනවා.”

    විභාග කාලසීමාව තුළ දරුවන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.

    මේ අතර උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

    විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් එම නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

    ඊට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හි දී පොලිස් ජංගම සංචාර, යතුරුපැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025

    හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

    November 3, 2025

    පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

    November 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 20250111 Views

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ…

    හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

    November 3, 2025

    පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

    November 3, 2025

    උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්

    November 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.