Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විභාග වේලාවේ විදුලි කැපිල්ල ගැන එකඟතාවයක්
    Featured

    විභාග වේලාවේ විදුලි කැපිල්ල ගැන එකඟතාවයක්

    By LFNJanuary 22, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව පැවසීය.

    ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

    කෙසේවෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුර තුළ දී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසයි.

    රාත්‍රී කාලයේ ද අධ්‍යනය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මේ වනවිට යම් එකඟතාවයකට පැමිණ ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

    නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමුකරමින් විදුලි කප්පාදුව සීමා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඒ මහතා කියා සිටියේය.

    “මගේ ඉල්ලීම තිබුණේ ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා සමස්ත කාලය විදුලි බලය අපිට අඛණ්ඩව ලබා ‍දෙන්න කියලා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිතුමත් මේ ගැන විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික ඒ විදුලි සමාගම්වලටත් ඒ ඉල්ලීම කර තිබුණා. නමුත් අනෙක් පැත්තෙන් තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැනත් මාව දැනුවත් කළා විශාල මුදලක් අවශ්‍ය වන බව, ඒ පූර්ණ කාලය සෑම ප්‍රදේශයකටම විදුලි බලය ලබාදෙන්න. එතනදී මගේ ඉල්ලීම වුණේ මොන තත්ත්වයක් යටතේ වුණත් ඒ විභාග කාලය අනිවාර්යයෙන් ලබාදෙන්න කියලා. එකට එකඟවෙලා තියෙනවා. හැකි සෑම අවස්ථාවකදීම විදුලිය ලබාදෙන්න එකඟවෙලා තියෙනවා. හැබැයි විටෙක විභාගය නොපැවෙත්වෙන කාලසීමාව තුළ යම්කිසි කෙටි විදුලි විසන්ධිවීම් සිදුවෙන්නට පුළුවන්. රාත්‍රී කාලයේ අධ්‍යනය කටයුතු සිදුකරන නිසා මම ඉල්ලීමක් කළා රාත්‍රී කාලය කුළ විදුලි බලය ලබාදෙන්න කියලා. ඒකටත් යම් එකඟතාවයක් පළවෙලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.