Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
    Featured

    හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

    By LFNJanuary 22, 2023No Comments1 Min Read293 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි. හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නැහැ.

    හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයටද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිටත් භාවිත කරනු ලබන්නේ ඔහුගේ පෞද්ගලික මෝටර් රථය පමණයි.

    එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආහාර පානවලට රුපියල් නව ලක්ෂ 50,000ක් රජය විසින් දරන බවට පලවන වාර්තාද අසත්‍ය බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.