Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලය ලැබුණාම කරන දේ අනුර කියයි
    Featured

    බලය ලැබුණාම කරන දේ අනුර කියයි

    By LFNJanuary 22, 2023No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මාළිගාවත්ත ප්‍රදේශයේ (20) පස්වරුවේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවය.

    එහිදි අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

    “ඡන්දේ තියන්න සල්ලි නෑ. ඡන්දේ තිබ්බොත් බෙහෙත් නෑ. ඡන්දේ තිබ්බොත් තෙල් නෑ කියනවා නේද. ඡන්දේ තියන්න යන්නේ රුපියල් බිලියන 8යි. සීනි බදු වංචාව බිලියන 15යි. සීනි බදු වංචාවෙන් විතරක් ඡන්ද දෙකක් තියන්න පුළුවන්. උඹලා ඡන්දයක් තියා ගන්න බැරි තරමට මේ රට වැට්ටුවා නම් යන්නම ඕනේ. ඒ නිසා ඡන්දේ තියන්නම ඕනේ. ආර්ථිකය හොඳට තියෙනවා නම් ටිකක් හිතන්න තිබුණා.. කමක් නෑ තව මාස 2ක් 3ක් ගියාට කියලා. මුදල් බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා ඡන්දෙට සල්ලි දෙන්න කියලා. දැන් පුළුවන්ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදි ඉන්න.”

    “භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතා කරන බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් ඇති කළොත් අවුරුදු 3ක් හිරේ. මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා… මම කියලා යන්නේ. නීල් හපුහින්න ඇරියානේ ලියුමක් දිසාපතිවරුන්ට ඇප මුදල් භාර ගන්න එපා කියලා. ඡන්දෙට බාධා කිරීමක්. හරියට නඩු අහනවා ජතික ජන බලවේග ආණ්ඩුව ඇතුලේ. අවුරුදු 3ක් හිරේ. අපේ පොලිස් මහත්වරුන්ටත් එක්ක. ක්‍රියාත්මක කරන්න එපා නීතිවිරෝධී නියෝග. මැතිවරණයකට බාධා කිරීම අවුරුදු 3ක් හිරේට යන වරදක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 202505 Views

    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24…

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.