Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලා
    Featured

    මැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලා

    By LFNJanuary 21, 2023No Comments1 Min Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතා ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පනතක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඉතාමත්ම ප්‍රතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේම පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගැනීම ඉතාමත් නරක පූර්වාදර්ශයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    මැතිවරණවලදී අපේක්ෂකයින්ගේ වියදම් සඳහා උපරිම සීමාවක් පැනවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම වැදගත් පියවරක් වුවත්, එහි යටි අරමුණක් ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය කල්දැමීමට රජය බලාපොරොත්තු වන්නේ නම් එය වරදක් බව මන්ත්‍රීවරයා කීවේය.

    මෙය මෙවර පළාත් පාලන මැතිවරණයට නොව ඉදිරි මැතිවරණ වලට වලංගු විය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙනා යෝජනාව රජය පිළිනොගත් බව ද ඔහු පැවසීය.

    මැතිවරණයට මුදල් නැති බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා උසාවියට දැනුම්දීම ද ඉතා නරක පූර්වාදර්ශයක් බවත්, ඉදිරියේදී මෙය ජනාධිපතිවරණයකට වුවත් කළ හැකි බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

    මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සීයට 90 ක විපක්ෂ බලයක් ගොඩ නැගිය යුතු බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් පාලනය කරන රාජපක්ෂලාට එය කිරීමට නොහැකි තත්වයක් ඇතිකළහොත් ජනාධිපතිවරයාට තවදුරටත් පොහොට්ටුවේ කිහිලිකරුවලින් යාමට නොලැබෙන අතර, විපක්ෂයට අනුව කටයුතු කිරීමට හෝ ධූරය හැරයාමට සිදුවනු ඇතැයි ද පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.