Close Menu
Lanka Focus News
    What's Hot

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද අත්සන් තැබූ ගිවිසුම මෙන්න
    Featured

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද අත්සන් තැබූ ගිවිසුම මෙන්න

    By LFNJanuary 20, 2023No Comments3 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළවී තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි.

    මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක්වී තිබේ.

    දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී ඇති අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළවී තිබේ.

    ‍ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය පී.වී නරසිම්හ රාඕ මහතාගේ පාලනය ආරම්භ වූ 1991 වර්ෂයේදී ඉන්දියාවට ද අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ඉන්දීය රජය එම අර්බුදය සමනය කර ගනු ලැබුවේ රජය සතු රන් සංචිත උකස් තැබීමේන් බවද සිහිපත් කර ඇත.

    එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව මුහුණදී ඇති වත්මන් ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බව පවසා තිබේ.

    අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු විය.

    ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project ) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට මෙහිදී අත්සන් තැබිණි.

    ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊට අත්සන් තැබීය.

    ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරේ.

    මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2017 වස‍රේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් ලෙස උඩරට නැටුම් සඳහා ඇකඩමියක් ඉදිකිරීමට මුල්ගල් තැබුණි.
    මහනුවර ඓතිහාසික දළදා මාළිගාව අසල ඉදිකෙරුණු එම ඇකඩමිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් සිදු විය.

    ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කෙරුණු නිවාස 300ක් (ගාල්ල, මහනුවර, නුවරඑළිය – නිවාස 100 බැගින්) භාරදීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබීය.

    නිවාස 60,000ක මෙම ව්‍යාපෘතියට අදාළ නිවාස 50,000ක ඉදිකිරීම් අවසන් කර තිබේ. වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ යට‍තේ ඉදිකෙරුණු නිවාස 3,300කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිලාභීන් වෙත ලබාදී අවසන්ය.

    ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක “ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන” යටතේ අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඉදිකෙරුණු නිවාස ද ප්‍රතිලාභීන් වෙත ලබාදීම සංකේතවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,459 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 202606 Views

    සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ. ඒ, ක්‍රිස්තු…

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026

    කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

    August 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.