Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි

    May 11, 2025

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස 8 දක්වා ඉහළට

    May 11, 2025

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද විවාදයට ගැනේ
    Featured

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද විවාදයට ගැනේ

    By LFNJanuary 19, 2023No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

    විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වනදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී එම විවාදය මාසකින් කල් දැමීමට තීරණය වී තිබුණි.

    එහෙත් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය වී තිබේ.

    පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ ඒ අනුව උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවය.

    විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව තිබේ.

    මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය අප්‍රසාදය පල කළේය.

    සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේ ආණ්ඩුව මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම පනත කඩිනමින් සම්මත කිරීමට උත්සාහ දරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි

    May 11, 2025

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉල්ලා අස්වෙයි

    May 11, 20250120 Views

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී…

    ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස 8 දක්වා ඉහළට

    May 11, 2025

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.