Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 2026

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රී සහ ෆොන්සේකා අතර මත ගැටුමක්
    Featured

    මෛත්‍රී සහ ෆොන්සේකා අතර මත ගැටුමක්

    By LFNJanuary 18, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් ඇති විය.

    එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

    “හිරේ හිටපු තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කෙරුවේ. තමුන්නාන්සේට ගරු කිරීමක් විදිහට මම තමයි තමුන්නාන්සේව ෆීල්ඩ් මාෂල් කළේ. ඒ තත්ත්වය තුළ සිටියදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණයි. ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න.”

    “ඔබතුමා හමුදාපති ලෙස ඉන්නකොට හමුදා මූලස්ථානයට පැනපු එල්ටීටීඊ කාන්තාවක් බෝම්බ පිපිරුවා. ඔබතුමාට ඒක වැදිලා බඩවැලුත් එළියට ඇවිල්ලා වෛද්‍යවරු තමයි බේරගත්තේ.”

    “හමුදාපති විදියට හමුදා මූලස්ථානය බේරගන්න බැරි කෙනා.. බඩවැල් එළියට ඇවිත් හානි වෙච්ච මිනිහා..මට ඇඟිල්ල දිගු කරන්නේ කොහොමද? ජාතික ආරක්ෂාව පිළිබඳව.”

    “චන්ද්‍රිකා මැතිණිය හැමතැනම කියනවා මාව හිරේ දාන්න කියලා. එතුමියගේ එක ඇහැක් නැතුව ගියා. ඇස් දෙක බේරගන්න බැරි වුණු මිනිස්සු.. තමන්ගේ ශරීරය බේරගන්න බැරි වුණු මිනිස්සු මට ඇඟිල්ල දිගු කරලා කියනවා.. මේ මේ තමුසේ ජාතික ආරක්ෂාව දන්නෑ කියලා.”

    “ඔයාට වඩා මම ජාතික ආරක්ෂාව පෙන්නුවා. සහරාන් ඇතුළු මුළු සංවිධානයම මම සති 3කින් විනාශ කළා.”

    පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,

    “මෙයා කිව්වා මාව නිදහස් කළා කියලා. ෆීල්ඩ් මාෂල් කළා කියලා. මෙයාගේ මැතිවරණ වේදිකාවට කොහොමහරි එන්න කියලා කිව්වා. මම රැස්වීම් 100ක කතා කළා. දින 100 කියලා තිබ්බා මට සාධාරණය ඉටු කරනවා කියලා. ඒක තනි මතයට කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඔබතුමා මගේ අමාත්‍ය ධුරය ඉතාම නිවට විදියට අයින් කළා.”

    “සාම සාකච්ඡා අතරේ ත්‍රස්තවාදියෙක්ට රිංගලා එන්න පුළුවන්. ඔබතුමාට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ වගේ අනතුරකට යුද හමුදා මූලස්ථානය මුහුණ දුන්නේ.”

    “බෝම්බේ ගියායින් පස්සෙත් ලංකාවට ආපු ගුවන් යානා දෙකේම එන්නේ නැතුව රෑ 1ට ආපු ගුවන් යානයේ ආවේ. ඒ මොකද?. ඒකේ විතරයි පළවෙනි පන්තිය තියෙන්නේ. අච්චර ජන විනාශයක් වෙලත් ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවක් තිබුණේ නැති ඔබතුමා.. බලන්න ඔබතුමාගේ ආකල්ප.”

    මෛත්‍රීපාල සිරිසේන මහතා,

    “මෙතුමා ෆීල්ඩ් මාෂල්කම ඉල්ලගෙන මගේ පස්සෙන් ඇවිත් ඇඬුවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 2026

    GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,431 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,382 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 202607 Views

    අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර…

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.