Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති නඩුවලින් ඉවත් කරන්නේද? නැද්ද?
    Featured

    ජනපති නඩුවලින් ඉවත් කරන්නේද? නැද්ද?

    By LFNJanuary 18, 2023No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කරදෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු 108ක වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් ඉවත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා අධිකරණය නිවේදනය කළේය.

    මෙම නඩු සියල්ල අද (18) කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිස් පස් වන වගන්තිය යටතේ ඒ මහතාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

    එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන පාර්ශවකරුවන් විසින් අද ඉදිරිපත් කළේය.

    ඉන් අනතුරුව අදාළ නියෝගය මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව දිසා විනිසුරුවරිය නිවේදනය කළාය.

    මේ අතර අදාළ නඩු වල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයාද අධිකරණයට දැනුම් දී තිබුණි.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.