Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍රී
    Featured

    අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍රී

    By LFNJanuary 18, 2023No Comments2 Mins Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කතමාට රුපියල් මිලියන 100ක වන්දි නියම වූයේ තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වන බැවින් අනාගත ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා අමාත්‍යවරුන්ට ද එම නඩු තීන්දුව බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    “නඩු තීන්දුව දෙස බලන විට මේ නඩු තීන්දුවේ සඳහන් ප්‍රධාන කරුණක් තමයි… ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. තීන්දුවේ පැහැදිලි ලෙසම තියෙනවා… ජනපතිවරයා විසින් පත්කළ නිලධාරීන් යමිකිසි වරදක් කළොත් ඒ වැරැද්ද සඳහා ජනාධිපතිවරයා වගකිව යුතුයි කියලා.”

    “විශේෂයෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒ පත්වීම අත්සන් කරන්නේ ජනපති. නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් කියන මහත්වරු.. ඒ අය පත්කළේ පොලිස් දෙපාර්තමේන්තුව තුළින්. ඒ අය පත් කළේ මගේ අත්සනකින් නොවේ. හේමසිරි ප්‍රනාන්දු සෘජුවම ජනාධිපතිවරයා විසින් පත්කළ කෙනෙක්. මේ නඩු තීන්දුවේ තියෙන්නේ පැහැදිලිවම.. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් කරන වැරදි නිසා එහි වගකීමක් ජනාධිපතිවරයාටත් එන්නේය.”

    “ඒ අනුව ජනාධිපතිවරයා ද මේකට වගකිව යුතුයි කියලා නඩු තීන්දුවේ තියෙනවා. ඒ අනුව මට කෝටි 10ක් ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ කරුණ නැත්නම් ඇත්තෙන්ම මම මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන තත්ත්වයට තමයි මේ නඩුවේ කාරණා තිබෙන්නේ.”

    “මේ රටේ ඉදිරි ජනපතිවරුන්ට, අගමැතිවරුන්ට, අමාත්‍යවරුන්ට මේ නඩු තීන්දුව බලපානවා. තමන් පත්කළ නිලධාරීයෙක් වරදක් කළොත් ඒ ජනපතිවරයා, අගමැතිවරයා හෝ ඒ ඇමතිවරයා මේ මට කියන චෝදනාවලට ලක්වෙනවා.”

    “මානව හිමිකම් ගැන විභාග කරද්දි ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් කැඳවන්නේ නැහැ. දෙපාර්ශ්වයේම පැමිණිලිකරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ නැතිනම් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥවරු විතරයි පෙනී සිටින්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා.. යම් නීතිමය සංශෝධනයක් කරන්න කියලා. මානව හිමිකම් නඩු සඳහා චෝදනාවට ලක්වන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහින් තමන්ට කතා කිරීමට අවස්ථාවක් දෙන නීතියක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා.”

    “අනුන් කරපු දෙයක් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් තමයි මේ කරන සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් කෝටි 10ක් ගෙවන්න මට ආදායමක් නැහැ. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ හිතවතුන්ගෙන් ඉල්ලා මුදල් එකතු කරගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.