Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 2025

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යවස්ථා අවුල ගැන කතානායකගෙන් ප්‍රකාශයක්
    Featured

    ව්‍යවස්ථා අවුල ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

    By LFNJanuary 17, 2023No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    සිවිල් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සඳහා ලබන 19 වැනිදා නැවතත් රැස්වීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට එහිදී නොහැකිවිය.

    ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකගතාවයෙනි.

    ගැටලුව මතුවූයේ විපක්ෂනායකවරයා ඒ යෝජිත නම්වලට එකඟතාව පළ නොකිරීම නිසා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කර ගැනීමට නොහැකි වීම නිසා නව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමද ප්‍රමාදවී ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවනු ලබන්නේ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය.

    එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මතවී මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවමත් පිහිටුවීමට හැකිවී නොමැත.

    මේ අතර විපක්ෂය නාමයෝජනා නාම යෝජනා ලබානොදීම නිසා ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමද ප්‍රමාදවී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 2025

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,273 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්

    August 21, 20250113 Views

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා…

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.