ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව ඉන්දීය හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.
ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කර ඇත්තේ වර්තමාන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට සහායවීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ මූලික අරමුණ බවය. මෙම දෙදින සංචාරයේදී, බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, වර්තමාන විනිමය හුවමාරු ණය පහසුකම් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවන බවත් හින්දු පුවත්පත සඳහන් කර තිබේ.
