Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විමල් ට එරෙහි නඩුවක් ගැන මහාධිකරණයෙන් නියෝගයක්
    Featured

    විමල් ට එරෙහි නඩුවක් ගැන මහාධිකරණයෙන් නියෝගයක්

    By LFNJanuary 16, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

    එම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර තිබුණි.

    එම මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අද දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ගොනුකළේය.

    ඉන් අනතුරුව එම නඩුව පවරා පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවාරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.

    2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් වී යැයි චෝදනා කරමින් අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.