Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලී මෝල් හිමිකරුට වෙඩි ප්‍රහාරයක්
    Featured

    ලී මෝල් හිමිකරුට වෙඩි ප්‍රහාරයක්

    By LFNJanuary 16, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

    වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර උතුර හොරේතුඩුව ගැමුණු මාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

    ලි මෝල් හිමිකරු ඔහුට අයත් මෝටර් රථයෙන් හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපොල දෙසට පැමිණීමේදී අද අළුයම එකත් දෙකත් අතර කාලයේදී කුබුක පන්සල හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

    යතුරු පැදියෙන් පැමිණ ඇති පුද්ගලයා මෝටර් රථය පැදවූ ලි මෝල් හිමිකරුට අතින් සංඥාවක් කර මෝටර් රථය නවතා එහි පිටුපස වයරයක් පැටලී ඇදී එන බවට පවසා ඔහු මෝටර් රථයෙන් බැසීමත් සමගම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මොරගහහෙන පොලිසිය කියයි.

    මෝටර් රථයේ රියදුරු අසුනට පසුපස අසුනට අසල තිබෙන වීදුරුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සලකුණු දක්නට ඇතැයි පොලිසිය කියයි.

    එම පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඇතිවූ වෙඩි ශබ්ද සමඟම ඒ ආසන්නයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර තමන්ට කිසියම් පුද්ගලයකු බෝතලයකින් පහර දුන් බවට පවසා තමන්ව රෝහල්ගත කරන ලෙස ඔහු ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.