Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ගංවතුර අවදානමක් නෑ

    December 22, 2025

    අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති යාපනය ට
    Featured

    ජනපති යාපනය ට

    By LFNJanuary 15, 2023No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපතිවරයා අද පෙරවරුවේ යාපනය ශ්‍රී නාගවිහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැදැක තිබේ.

    එහිදී ජනාධිපතිවරයා ආගමික වතාවත්වල ද නිරතවී ආශිර්වාද ලබාගෙන ඇත.

    පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියෝ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසාමින් පිළිසඳරක නිරතව තිබේ.

    උන්වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනාවක් ද ජනාධිපතිවරයා වෙත සිදුකර ඇත.

    “බෞද්ධ හින්දු ආගමික සංසදය” වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ගංවතුර අවදානමක් නෑ

    December 22, 2025

    අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ගංවතුර අවදානමක් නෑ

    December 22, 20250112 Views

    මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය…

    අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

    December 22, 2025

    උත්සව සමය වෙනුවෙන් විශේෂ ‘මෙහෙයුම් මැදිරියක්’

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.