Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
    Featured

    ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNJanuary 15, 2023No Comments4 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන EXIM බැංකුව මේ සතිය තුළ සාකච්ඡා පැවැත්වූ බවය.

    මේ අතර, ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ මස 19 වනදා ලංකාවට පැමිණීමට නියමිත බව ද සඳහන් කර ඇත.

    ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරන බවත් පියවරෙන් පියවර එම කටයුතු ඉදිරියට සිදුකෙරෙන බවත් ඒ අනුව මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    වෘත්තීය සමිති නියෝජිතයන් සමග (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවය.

    මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    අද ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බව පැවසීය.

    සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අපි ඉන්නේ කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ. අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා. උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා. ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණ පහසුකම් නැති වෙලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා. මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩා වැටීම සමඟ ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේ ද කියා දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්.

    දැන් අපට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනිම පමණයි. නැත්නම් අපට ගොඩ එන්න බෑ. අපි එම මාර්ගයේ යනවද නැතිනම් වැටී සිටිනවද යන්න අප තීරණය කළ යුතුයි. මම උත්සාහ කරන්නේ මේ වැටී ඇති රට ඉක්මණින් ගොඩගැනීමටයි.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදුකරගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමඟ පැවති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ EXIM බැංකුව සමඟ මේ සතියෙ සාකච්ඡා කළා.

    දැන් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වැනිදා ලංකාවට එනවා. ඔවුන් සමඟ සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

    මෙම සාකච්ඡා අවසන් විමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේ දී ජපානය සමඟ විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා.

    ඒ සමඟම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළඳපොළ අඩු විය හැකියි.

    අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගත යුතුයි. මේ වසර අවසන්වන විට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතන පරතරයක් ඇතිවෙනවා.

    පළමුව ජනතාවට ලබාදිය හැකි සහන මොනවාද කියා අපි සොයා බැලිය යුතුයි. සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම මාර්තු,අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා . අපි බලාපොරොත්තු වෙනව මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියල.

    2024 වන විට අපි බලාපොරොත්තු වන වර්ධනය ඇතිකරගත හැකියි. එතෙක් සියලුදෙනාට මේ අසීරුතාවලට මුහුණදීමට සිදු වෙනවා.

    අද මෙතැන සිටින අය අතරින් වැඩිම දුෂ්කරතාවලට මුහුණදී සිටින්නේ වැඩ කරන ජනතාව හා කුඩා ව්‍යාපාරිකයින්. ඒ වගේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකුවලද ගැටලු මතු වී තිබෙනවා. අපි බැංකු පද්ධතිය ආරක්ෂාකරගත යුතුයි. බැංකු ආරක්ෂා කරන විට ඉන් ණය ලබාගන්නා කුඩා ව්‍යාපාර කඩා වැටිය හැකියි. එවිට ගන්නා පියවර කුමක්ද. 2024 සිට ආර්ථිකය හැසිරවිය යුත්තේ කෙසේ ද, ව්‍යාපාරවල තරගකාරීත්වය ආරක්ෂා කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එසේ ම වැඩ කරන ජනතාවට සහන ලබාදිය යුතුයි.

    රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාර, වෙළෙඳ මණ්ඩල, වෘත්තිය සමිති ගොවි ජනතාව මේ සියලුදෙනා එක් කරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියා අවම වශයෙන් සමාජ ගිවිසුමක රාමුවකට එළඹෙන්න මම යෝජනා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.