Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
    Featured

    ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNJanuary 15, 2023No Comments4 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන EXIM බැංකුව මේ සතිය තුළ සාකච්ඡා පැවැත්වූ බවය.

    මේ අතර, ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ මස 19 වනදා ලංකාවට පැමිණීමට නියමිත බව ද සඳහන් කර ඇත.

    ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරන බවත් පියවරෙන් පියවර එම කටයුතු ඉදිරියට සිදුකෙරෙන බවත් ඒ අනුව මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    වෘත්තීය සමිති නියෝජිතයන් සමග (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ලෙස විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවීම තුළින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා වඩා සාර්ථක කර ගැනීමට රජය සමත් වී ඇති බවය.

    මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ ආර්ථිකය යහපත් තත්ත්වකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2024 වසරේ එම තත්ත්වයේ වඩාත් ප්‍රගතියක් අත්කරගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින් ජනතාවට සහන සැලසීමට නම් රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ශක්තිමත් විය යතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    අද ජනතාව විඳින දුෂ්කරතා තමන් අමතක කර නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙසේ හෝ ජනතාවට සහන ලබාදීමට ද කටයුතු කරන බව පැවසීය.

    සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “අපි ඉන්නේ කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ. අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා. උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා. ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණ පහසුකම් නැති වෙලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා. මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩා වැටීම සමඟ ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේ ද කියා දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්.

    දැන් අපට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනිම පමණයි. නැත්නම් අපට ගොඩ එන්න බෑ. අපි එම මාර්ගයේ යනවද නැතිනම් වැටී සිටිනවද යන්න අප තීරණය කළ යුතුයි. මම උත්සාහ කරන්නේ මේ වැටී ඇති රට ඉක්මණින් ගොඩගැනීමටයි.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදුකරගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමඟ පැවති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ EXIM බැංකුව සමඟ මේ සතියෙ සාකච්ඡා කළා.

    දැන් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වැනිදා ලංකාවට එනවා. ඔවුන් සමඟ සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

    මෙම සාකච්ඡා අවසන් විමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේ දී ජපානය සමඟ විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා.

    ඒ සමඟම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළඳපොළ අඩු විය හැකියි.

    අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගත යුතුයි. මේ වසර අවසන්වන විට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතන පරතරයක් ඇතිවෙනවා.

    පළමුව ජනතාවට ලබාදිය හැකි සහන මොනවාද කියා අපි සොයා බැලිය යුතුයි. සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම මාර්තු,අප්‍රේල් මාසවල දී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා . අපි බලාපොරොත්තු වෙනව මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියල.

    2024 වන විට අපි බලාපොරොත්තු වන වර්ධනය ඇතිකරගත හැකියි. එතෙක් සියලුදෙනාට මේ අසීරුතාවලට මුහුණදීමට සිදු වෙනවා.

    අද මෙතැන සිටින අය අතරින් වැඩිම දුෂ්කරතාවලට මුහුණදී සිටින්නේ වැඩ කරන ජනතාව හා කුඩා ව්‍යාපාරිකයින්. ඒ වගේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකුවලද ගැටලු මතු වී තිබෙනවා. අපි බැංකු පද්ධතිය ආරක්ෂාකරගත යුතුයි. බැංකු ආරක්ෂා කරන විට ඉන් ණය ලබාගන්නා කුඩා ව්‍යාපාර කඩා වැටිය හැකියි. එවිට ගන්නා පියවර කුමක්ද. 2024 සිට ආර්ථිකය හැසිරවිය යුත්තේ කෙසේ ද, ව්‍යාපාරවල තරගකාරීත්වය ආරක්ෂා කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එසේ ම වැඩ කරන ජනතාවට සහන ලබාදිය යුතුයි.

    රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාර, වෙළෙඳ මණ්ඩල, වෘත්තිය සමිති ගොවි ජනතාව මේ සියලුදෙනා එක් කරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අපි මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියා අවම වශයෙන් සමාජ ගිවිසුමක රාමුවකට එළඹෙන්න මම යෝජනා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 20250130 Views

    හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල්…

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.