Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණිතිස්ස අනතුරේ
    Featured

    කැලණිතිස්ස අනතුරේ

    By LFNJanuary 15, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ.

    මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබා නොදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණ ද ඊයේ පස්වරු 6.30ට පමණ නැප්තා මෙට්‍රික් ටොන් 2,300 ක් ලබාදීමට කටයුතු කර තිබුණි.

    එය ප්‍රමාණවත් වන්නේ දින තුනහමාරකට පමණක් බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවරුන් සඳහන් කළේය.

    ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ නැප්තා ස්ථිරවම ලබාගැනීමේ වැඩපිළි‍වෙළක් නොමැති වුවහොත් එළැඹෙන 17 වනදායින් පසු කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය කිරීමට සිදුවන බවය.

    නැප්තා ලීටරයක පිරිවැය රුපියල් 82ක් වුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා අලෙවි කරන්නේ රුපියල් 164කට බවද වාර්තා වේ.

    පිරිවැය මිලට අනුව පමණක් තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා ලබාදෙන්නේනම් විදුලි ජනන වියදමද සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකියාව පවතින බව ඉංජිනේරුවරුන්ගේ අදහසය.

    කෙසේවෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති අද පෙන්වා දුන්නේ විදුලි බල මණ්ඩලය සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් පියවීම සිදුනොකළහොත් බොරතෙල් ගෙන්වීමද අවදානමකට ලක්වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.