Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025

    ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 11 ඇප තැන්පත් කරයි
    Featured

    පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 11 ඇප තැන්පත් කරයි

    By LFNJanuary 14, 2023No Comments2 Mins Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

    ඊයේ (13) පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    ජාතික ජන බලවේගය නුවරඑළිය, මහනුවර, පොළොන්නරුව, අම්පාර, වව්නියාව, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ දිනය තුළ සිදුකර ඇත.

    ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ද කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ ද ඊයේ දිනයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

    ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ, හම්බන්තොට, බදුල්ල, අම්පාර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ.

    එමෙන්ම සමගි ජන බලවේගය ද මාතර, හම්බන්තොට, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ සිදුකර තිබේ.

    සමාජවාදී සමානතා පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ජනතා සේවක පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනන්වාදී පන්ෂය සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යන පක්ෂය ද ඊයේ දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    මීට අමතරව ඊයේ දිනයේ ස්වාධීන කණ්ඩායම් 11ක් ද මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025

    ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 20250116 Views

    නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අනතුරුදායක බැවින් එවන් පාසල්, සුදුසු ස්ථානයක ස්ථානගත…

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025

    ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

    December 22, 2025

    තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ගංවතුර අවදානමක් නෑ

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.