Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
    Featured

    මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    By LFNJanuary 13, 2023No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද
    හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය .

    මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියේය.

    ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළේය.

    මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 20250119 Views

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන්…

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.