Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාරට එන වනඅලි එළවන්න අලුත් ක්‍රමයක්
    Featured

    පාරට එන වනඅලි එළවන්න අලුත් ක්‍රමයක්

    By LFNJanuary 9, 2023No Comments2 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුත්තල – කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා තිබේ.

    එම මාර්ගයේ දී වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදුකරන අවස්ථා දක්වමින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇත.

    ඒ අනුව මෙමම තත්ත්වය වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස වනජීවි අධ්‍යක්ෂ‍ෙජනරාල්වරයාට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල – කතරගම පාරේ රැඳී සිටින වනඅලින් වනාන්තරයට පළවා හැරීමටත්, වාහනවලට අනතුරු සිදුකිරීම වළක්වාලීම සඳහාත් ජංගම රථ යොදවා මෙහෙයුම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

    මින් ඉදිරියටත් එම වැඩපිළිවෙල අවශ්‍යතාවය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කරන ලද බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

    විශේෂයෙන් මෙම මාර්ගයේ වාහනවලින් ගමන් කරන සමහර පිරිස් වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මඟ රැක සිට වාහනවලින් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටීම මෙන්ම ඇතැම් මගීන් හා රියදුරන් වනඅලි කුලප්පු කිරීම මඟින් කිසියම් ප්‍රාථමික වින්දනයක් ලැබීමට තැත් කිරීම නිසා වනඅලින්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම නිසා බුත්තල – කතරගම මාර්ගයේ පමණක් නොව උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී ද වනඅලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වනඅලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවි නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    පසුගිය දින 04 තුළ බුත්තල – කතරගම පාරේ ජංගම රථ යෙදවීම නිසා වනඅලින් පාරට ඒම නතර වූ බවත්, එම කාලය තුළ වාහනවලට හානි කළ බවට කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බවත් වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.