Foreign

ඉරාන ආක්‍රමණයෙන් සෞදිය බේරා ගන්න අමෙරිකාවෙන් සෙබළුන් 17000ක්

සවුදි අරාබියේ ආරක්ෂාව සඳහා අතිරේක හමුදා භටයන් යැවිමට අමෙරිකාව ඊයේ (10) යලි පියවර ගෙන තිබෙනවා.

අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් පවසන්නේ ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධතියක් ඇතුළු 3000 කින් යුත් අතිරේක හමුදා භට පිරිසක් සෞදියට යැවිමට තමන් අවසර ලබාදුන් බවයි.

ඉරානයේ ආක්‍රමණවලින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයක් බවත් එය ගල්ෆ් කලාපයට එල්ලවි ඇති තර්ජනයන්ට අමෙරිකාව දක්වනු ලබන ප්‍රතිචාරයක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී සවුදි අරාබියේ තෙල් මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයකින් පසුව අමෙරිකාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ එරට ඔටුන්න හිමි කුමරුගේ ඉල්ලීමකට අනුවයි.

ඉකුත් මැයි මාසයේ සිට ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සදහා අමෙරිකානු හමුදා භටයින් 14,000 ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අනුව සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සදහා අමෙරිකාව යොදවා ඇති මුළු හමුදා භට සංඛ්‍යාව 17,000ක් බවයි පෙන්ටගනය සදහන් කලේ.

More from Foreign

ඇල්ජීරියානු ජනාධිපතිවරණය ළඟදීම

ඇල්ජීරියානු ජනාධිපතිවරණය නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත. ඒ හමුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඇල්ජීරියානු වැසියන් විරෝධතා ක්‍රියාමාර්ගයකට එළඹී ඇති බව සඳහන්. ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් මස 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ හමුවේ රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වී ඇති … read more

කාශ්මීරයේ බෝම්බ පිපිරීමකින් 14ක් මිය යයි

කාශ්මීරයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පොලිස් නිළධාරීන් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබුවන් අතර රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් මෙන්ම මාධ්‍යවේදීන්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතිබවට එරට ආරක්ෂක අංශ … read more

මහත්මා ගාන්ධිගේ භෂ්මාවශේෂ සොරා ගනී

මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ සොරා ගැනීමට ලක්ව ඇති බව ඉන්දීය පොලිසිය පවසයි. ඉන්දීය නිදහස් සටනේ නියමුවෙකු ලෙස සැළකෙන මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ කොටස් කිහිපයක් සොරා ගැනීමට ලක්ව තිබේ. ඔහුගේ 150 වැනි ජන්ම දිනය යෙදී තිබූ දිනයේදීම මෙම සොරකම සිදුව තිබීම … read more

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වී වසරක් සපිරෙයි

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වී ඊයට වසරක් සපිරෙයි. ඊට සමගාමීව අමෙරිකාවේදී ඔහු වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් සංවිධානය කර තිබුණි. ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය අසළදී පැවැත්වුණි. ඔහු ඝාතනයට ලක්ව … read more

සෞදියට සිට රටේ දොරටු විවෘත කරන බව ඉරානය කියයි

විවෘත සාකච්ඡාවක් සඳහා සෞදියට සිය රටේ දොරටු විවර කරන බව ඉරානය පවසනවා. විදෙස් මාධ්‍යක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානයේ කථානායක අලි ලරිජානි පැවසුවේ සෞදිය සහ ඉරානය අතර සිදු කෙරෙන සාකච්ඡා තුළින් කලාපයේ ආරක්ෂාව සහ දේශපාලන ගැටලු රැසක් විසඳෙනු ඇති … read more

හයිටිවල වෙඩි ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකුට තුවාල

හයිටි රාජ්‍යයේ පැවැත්වෙන විරෝධතා විසුරුවාහැරීමට පොලිසිය විසින් ජීව උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී වෙඩි පහරකට ගොඳුරුවූ මාධ්‍යවේදියෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. හයිටි රාජ්‍යයේ උද්ගතව ඇති ආහාර හා ඉන්ධන හිඟය, මුදලේ අගය අවප්‍රමාණයවීම, උද්ධමනය වැනි කරුණු … read more

ජාතික විරුවන්ට චීන ජනපතිගෙන් උපහාර

ජාතික විරුවන් සඳහා පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයකට චීන ජනාධිපති ෂී ජින් පින් එක්ව සිටියේය. ඒ හෙටට යෙදී ඇති චීන ජනරජ දිනය නිමිති කරගෙනයි. බීජිං අගනුවර ටියනමන් චතුරස්‍රයේ ඉදිකර තිබෙන ජාතික වීරවරයන්ගේ ස්මාරකයට ජනාධිපති ෂී ජින් පින් පුෂ්පෝපහාර දැක්වූවේය. එම අවස්ථාවට එරට … read more

සෞදි රජුගේ පුද්ගලික ආරක්ෂකයා ඝාතනය කරයි

සෞදි අරාබියානු රජු සල්මන් බින් අබ්දුලාසිස් අල් සාද්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඝාතනය කර තිබේ. අදාළ ආරක්ෂක නිලධාරියාගේ මිතුරෙකුගේ නිවසක ඇති වු ආරවුලක් අතර තුර දී සිදුවු වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව … read more

සෞදියේ ආරක්ෂාවට අමෙරිකාව සිය හමුදා යවන්න තීරණය කරයි

සෞදි අරාබියට සිය හමුදාවන් යැවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඒ දිගින් දිගටම සෞදියේ ඉන්ධන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ලවනු ලබන ප්‍රහාර හේතුවෙන්ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රකාශ කර සිටියේ සෞදි අරාබියට … read more