Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට
    Local News

    මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට

    By LFNJune 2, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.

    ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් ඔහුට පනවන ලද මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ ඇත.

    මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

    2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වෙලේ සුදා වරදකරු කෙරිණි.

    ඒ අනුව 2015 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ මහාධිකරණය විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන ලදී.

    එම දණ්ඩනය නියම කරනු ලැබුවේ එවකට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසිනි.

    මහාධිකරණ තීන්දුවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු මුලින්ම අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද, එය අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.

    ඉන් අනතුරුව මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු දෙකම ඉවත දමා තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අවසන් අභියාචනය යොමු කර තිබුණි.

    අද දින මෙම ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අභියාචක විත්තිකාර වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු ඉදිරිපත් කළේය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය එම අභියාචනයට දැඩි ලෙස විරෝධය පළ කරමින් කරුණු දැක්වූවාය.

    දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව පවසමින් එය විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර වහාම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.