Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
    Featured

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    By LFNMay 29, 2026No Comments1 Min Read11 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය මුල් කරගෙන අද (29) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    අද සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන සර්වඥ ධාතු පෙරහර හේතුවෙන් මාතර – හක්මණ මාර්ගයේ තිහගොඩ ජාතික පාසල අසල සිට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට නියමිතය.

    පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ආරම්භ වී මාතර දෙසට ගමන් කරමින් මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අසලින් අවසන් වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

    ඒ අනුව මාතර දෙස සිට මිද්දෙණිය හා හක්මණ දෙසට ගමන් කරන වාහන දියගහ හන්දියෙන් අපරැක්ක හරහා යටියන දෙසට ගමන් කර විකල්ප මාර්ග භාවිත කළ හැකි බව දැනුම්දී ඇත.

    එසේම මිද්දෙණිය සහ හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණෙන වාහන යටියන, අපරැක්ක සහ දියගහ හන්දිය හරහා ගමන් කළ හැකිය.

    දෙයියන්දර සහ කඹුරුපිටිය දෙස සිට මාතරට පැමිණෙන වාහන සඳහාද විකල්ප මාර්ග හඳුන්වා දී ඇති අතර, කඹුරුපිටිය ගම් උදාව හන්දියෙන් හෝ තිහගොඩ පොලතුගොඩ – පහළ විටියල – නාරංගල – කද්දුව – මාළිම්බඩ – අකරැස්ස මාර්ගය භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.

    මාර්ග වසා තබන කාලය තුළ රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් අනුව කටයුතු කරන ලෙස පොලීසිය රියැදුරන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.