Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි
    Local News

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    By LFNMay 19, 2026No Comments3 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දන්වා ඇත.

    කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුල්වීමට හැකියාව තිබුණ ද සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවේ දී 2026 වසරේ මැයි මස 05 වනදා සහ 2026 වසරේ මැයි මස 07 වන දා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

    ඊට අමතරව මරණකරු පදිංචි වී සිටි නිවසේද සී.සී.ටී.වී යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම සී.සී.ටී.වී යන්ත්‍ර වලද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලීසිය මරණකරු පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදුවූ නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරාවල ද දර්ශන පටිගතවී නොමැති බව සඳහන් කර තිබේ.

    අනුව අදාළ සී.සී.ටී.වී කැමරා සවිකළ සමාගමේ ඉංජිනේරුවරයා අද දින සාක්ෂියට කැඳවා තිබෙන බවත් පොලීසිය පවසා ඇත.

    මරණකරු පදිංචිව සිටි නිවසේ සහ මරණය සිදුවූ නිවසේ සී.සී.ටී.වී කැමරා පද්ධතිවලට අදාළ ඩී.වී.ආර් යන්ත්‍ර පොලීසිය භාරයට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    වැඩිදුටරත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත්
    හඳුනා නොගත් ඖෂධ වර්ග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.

    එම ස්ථානයේ තිබී සොයා ගත් නාඳුනන ඖෂධ පෙති වර්ග දෙකක් තිබූ බවත් එක් වර්ගයක ඖෂධ පෙති 09 ක් සහ තවත් වර්ගයක ඖෂධ පෙති 11ක් තිබූ බවත් පොලීසිය අනාවරණය කර තිබේ.

    තවදුරටත් කරුණු දැක්වූ පොලීසිය මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදු වූ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට ඉකුත් දිනයේ නියෝග ලබා ගෙන තිබුණද ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව යළි  දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඒ සඳහා නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

    මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය වුණා. ඒ අය සාක්ෂියට කැඳවන්නේ නැද්ද? ” යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

    ඊට පිළිතුරු දෙමින් පොලීසිය සඳහන් කළේ ” ස්වාමීනි ඒ අයගෙන් තවම ප්‍රකාශ සටහන් කරගන්න බැරි වුණා.” යනුවෙනි.

    නැවතත් පොලීසිය ඇමතු මහෙස්ත්‍රාත්වරයා ” ප්‍රකාශ සටහන් කරගන්න බැරිවුනා කියලා සාක්ෂි කැඳවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ අයවනේ කලින් සාක්ෂියට කැඳවන්න ඕන.  ප්‍රකාශ සටහන් කර ගත්තේ නැත්නම් විමර්ශනය කරන්නේ කොහොමද?”  යනුවෙන් ප්‍රශ්න කර ඇත.

    ඒ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා සඳහන් කළේ ” ස්වාමීනි… මේ ඇපකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙන්නේ” යනුවෙනි.

    ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරයා “රිමාන්ඩ් බාරයට පත් කරල තියෙන්නෙ ඒ ඇපකාරයෝ දෙන්න නෙවෙයිනේ. රිමාන්ඩ් භාරයට පත් කරල තියෙනවනම් ප්‍රකාශයක් ගන්න තවත් ලේසියිනේ. මගෙන් නියෝගයක් අරගෙන ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්” යනුවෙන් පවසා ඇත.

    අද දින සාක්ෂි කැඳවීම සඳහා සාක්ෂිකරුවන්  කීපදෙනෙකුම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කැඳවා තිබුණි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහෙස්ත්‍රාත්වරයා “අද සාක්ෂියට කිහිපදෙනෙකුම කැඳවා තිබෙනවා. ඒ හැම කෙනාගේම සාක්කි අද ගන්න බැහැනේ. අනවශ්‍ය අය මුදා හරින්න කටයුතු කරන්න. සාක්ෂිකරුවන් අතර පොලිස් නිලධාරිනුත් ඉන්නවා. ඒ අය රඳවා ගැනීම සුදුසු නෑ’ යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බවත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.