Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්
    Uncategorized

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    By LFNMay 10, 2026No Comments2 Mins Read15 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ මෙම ජලාශ අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, කුරුණැගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය යන ජලාශ පවතින බවය.

    ඒ අතරින් මේ වන විට ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර එමගින් තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින අතර වෙහෙරගල ජලාශයද වාන් දොරටු 6ක් විවෘත කරමින් තත්ත්පරයකට ඝන අඩි 1,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

    මීට අමතරව රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 5,500ක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බවද පැවසූ ඒ මහතා අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින බවද පැවසීය.

    මේ හේතුවෙන් මෙම වාන් දමන ජලාශ පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ජලාශ අවට පදිංචි ජනතාව මෙම වාන් දැමීමේ නිවේදන සහ වාන් දමන ප්‍රමාණයන් සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් එම ජලාශයන් මත ලැබෙන ජල ප්‍රමාණයන් මත සහ ඉදිරියේදි ලැබෙන වර්ෂාපතනයන් අනුව මෙම වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් වීමට ඉඩ ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව මෙම ජල මට්ටම් සහ වාන් දොරටු විවෘත කිරීමේ නිවේදන සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.