Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය
    Sport

    ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය

    By LFNApril 27, 2026No Comments3 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.

    ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ ජයග්‍රහණ දිරිගැන්වීම අරමුණු කරගනිමින්, නව බෝනස් ගෙවීම් මෙන්ම වැටුප් කප්පාදු කිරීම්ද ඇතුළත් කර මෙම ගෙවීම් ක්‍රමවේදය සකසා ඇති බව සඳහන්ය.

    ඒ අනුව ඉදිරියට තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් හිමිවන්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 (Top 4)ට එරෙහිව ලබන ජයග්‍රහණ සඳහා පමණක් බව වාර්තා වේ.

    මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 9 අතර සිට ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරගාවලි ජයග්‍රහණයකට බෝනස් හිමිව ඇත.

    එමෙන්ම ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම ආකෘතියක තරගාවලියක් පරාජය වුවහොත්, එම තරගාවලියේ තරග ගාස්තුවෙන් 10%ක මුදලක් කපා හරිනු ලැබේ.

    තවද විදෙස් රටකදී ලබාගන්නා ජයග්‍රහණ සඳහා සම්පූර්ණ බෝනස් මුදල හිමිවන අතර, මෙරටදී ලබන තරග ජයග්‍රහණ සඳහා එම බෝනස් දීමනා සීමා කර ඇත.

    කෙසේ නමුත් විස්සයි20 තරගාවලියන්හිදී දේශීයව මෙන්ම විදේශීයවද ලබන ජයග්‍රහණ සඳහා එකම අගයකින් බෝනස් මුදල ලබාදේ.

    ඒ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ටෙස්ට් කණ්ඩායම පරාජය කළ හොත් සාමූහික බෝනස් දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 150,000ක් ලැබෙනු ඇත.

    එම ශ්‍රේණිගති කිරීම්හි දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන හිමි කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණයන් සඳහා පිළිවෙලින් අ.ඩො. 100,000ක්, අ.ඩො. 75,000ක් සහ අ.ඩො. 60,000ක් ලෙසින් ක්‍රමයෙන් අඩුවන ලෙස බෝනස් හිමි වේ.

    අංක 01 කණ්ඩායම පරාජය කිරීම

    ටෙස්ට්

    විදේශයකදී අ.ඩො. 150,000ක්
    මබ්බිමේදී අ.ඩො. 100,000ක්

    එක්දින

    විදේශයකදී අ.ඩො. 150,000ක්
    මෙරටදී අ.ඩො. 75,000ක්

    විස්සයි20

    දෙස් විදෙස් ඕනෑම ස්ථානයකදී අංක 1 කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක් හිමිවේ.

    සෑම තරගයක් සඳහාම ක්‍රීඩකයන්ට ලැබෙන ගෙවීම්

    ටෙස්ට්

    ජයකට – අ.ඩො. 15,000ක්
    ජ.ප.තො – අ.ඩො. 10,000ක්
    පරාජය/ විසඳුමක් නැති – අ.ඩො. 7,500ක්

    එක්දින

    ජයකට – අ.ඩො. 7,500ක්
    පරාජයකට අ.ඩො. 3,500
    විසඳුමක් නැති අ.ඩො. 3,000.

    විස්සයි20

    ජයකට – අ.ඩො. 5,000
    පරාජයකට – අ.ඩො. 2,500
    විසඳුමක් නැති – අ.ඩො. 2,000

    නායකයන් සඳහා විශේෂ ගෙවීම්

    නායකත්ව වගකීම අගය කරමින් සෑම තරගයකදීම අතිරේක දීමනාවක් නායකයාට හිමිවේ. කෙසේ නමුත් සමස්ත තරගය පුරා රැඳී සිටියහොත් පමණක් එය ලබාදේ.

    ටෙස්ට් සහ එක්දින –
    එක් තරගයකට අමතරව අ.ඩො. 1,000.

    විස්සයි20 –
    එක් තරගයකට අමතරව අ.ඩො. 500.

    ICC ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රීඩකයන් පෞද්ගලිකව ලබාගන්නා දක්ෂතා මතද දිරිගැන්වීම් ලබාදීමට කටයුතු යොදා තිබේ.

    ඕනෑම ආකෘතියක ලොව අංක 1 ක්‍රීඩකයා වුවහොත් අ.ඩො. 25,000 (එක් වරක් පමණි)ක්.

    ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 සිට 5 දක්වා ස්ථානයක පසු වුවහොත් අ.ඩො. 20,000 (එක් වරක් පමණි)ක්.

    මීට අමතරව ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් රඳවා ගැනීමේ ගාස්තු, සංචාරක ගාස්තු, දෛනික දීමනා සහ අනුග්‍රාහක දායකත්වය මතද දීමනා ලබාදීමට තීරණය කර තිබේ.

    කෙසේ නමුත් මෙම නව ගෙවීම් ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර, එහිදී පවසා සිටියේ නව ගෙවීම් ක්‍රමවේදය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.