Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වාහනවල සවිකර ඇති අංක තහඩු ගැන පොලීසියෙන් දැනුම්දීමක්
    Hot News

    වාහනවල සවිකර ඇති අංක තහඩු ගැන පොලීසියෙන් දැනුම්දීමක්

    By LFNApril 16, 2026No Comments1 Min Read84 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහනවල සවිකර ඇති අංක තහඩු නිසි ප්‍රමිතියට අනුකූල නොවන පරිදි සකසා තිබේ නම්, එවැනි වාහන පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

    පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

    ඔහු සඳහන් කළේ, නියමිත ප්‍රමිතියට අනුකූල නොවන අංක තහඩු භාවිත කරන වාහන පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 සිට 25,000 දක්වා දඩ මුදලක් නියම කරන බවය.

    තවද, පසුගිය කාලය තුළ නව වාහන සඳහා අංක තහඩු ලබාදීමේ ප්‍රමාදයක් පැවති බවත්, එය ඉදිරි සති කිහිපය තුළ විසඳාගත හැකි වනු ඇති බවත් ඔහු පැවසීය. අංක තහඩු නිසි ආකාරයෙන් සවිකරන ආකාරය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහ කොමසාරිස් කාර්යාලය විසින් වාහන හිමියන් දැනුම්වත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    නියමිත ප්‍රමිතිය අනුව ඉදිරිපස අංක තහඩුව සුදු පසුබිමක කළු අකුරු සහ ඉලක්කම් සහිතවද, පසුපස අංක තහඩුව කහ පසුබිමක කළු අකුරු සහ ඉලක්කම් සහිතවද තිබිය යුතුය.

    කෙසේ වෙතත් වර්තමානයේ විවිධ වර්ණ සහ ආකෘති භාවිත කරමින් අංක තහඩු වෙනස් කර වාහන ධාවනය කිරීම වැඩිවී ඇති බවත්, එවැනි වෙනස්කම් හේතුවෙන් අනතුරු හෝ අපරාධ සිදුවන අවස්ථාවලදී වාහන හඳුනාගැනීම අපහසු වන බවත් පොලීසිය පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.