Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට
    Featured

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    By LFNFebruary 2, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 524ක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28-23ක් වූ අඹුසැමි යුවළකි.

    ඊයේ (01) දින පුත්තලම – මැල්ලන්කුලම ප්‍රදේශයේදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙපළ ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ සිටද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    ඔවුන් දෙපළ සතුව තිබූ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවද පොලීසිය පැවසීය.

    තවද ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගෙන ඇති බවට පැවසෙන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

    පුත්තලම සහ අවට පදිංචි තරුණයින්ට පිටස්තර ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය ගෙනවිත් අලෙවි කරන අඹුසැමි යුවළක් පිළිබඳව පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් විසින් මාසයක පමණ කාලයක සිට සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලින් අනතුරුව මෙම අඹුසැමි යුවළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින විටදී අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය පැවසුවේ මෙම යුවළ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සම්බන්ධතා පවත්වා ගෙන ඇති බවට සැකකරන බවත් එම තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකාර යුවළ රඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.