Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්දින තරගාවලියේ ජය එංගලන්තයට
    Featured

    එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

    By LFNJanuary 28, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවන් රත්නායකගේ සුපිරි ඉනිම අපතේ යවමින් එංගලන්තය සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුණි.

    ඒ අනුව තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ එංලන්තයයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුව වීමත් කැපී පෙනේ.

    දෙපිළටම තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ශ්‍රී ලංකා අද තරගයට එක් වෙනස්කමක් සිදුකරමින් වනිඳු හසරංගව කැඳවා තිබුණේ ප්‍රමෝද් මදුෂාන් වෙනුවටය.

    එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2ක ලකුණු 40ක් තුළ දැවී ගියත් තුන්වැනි කඩුල්ලට ලකුණු 126ක් රැස්කරන්නට ජෝ රූට් සහ ජෙකබ් බෙතල් සමත් විය.

    එම සබඳතාව බිඳ වැටුණේ ජෙකබ් බෙතල් ලකුණු 65කට දැවී යාමත් සමඟය.

    කෙසේ වෙතත් එතැනින් නොනැවතුණු එංගලන්ත ක්‍රීඩකයින් සිව්වැවි කඩුල්ලට පන්දු 113කින් ලකුණු 191ක නොදැවුණු සබඳතාවක් ගොඩ නගන්නට ජෝ රූට් සහ නායක හැරී බෘෘක් සමත් වුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නනට අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් දියත් කරමින්ය.

    සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් සිය එක්දින දිවියේ 20වැනි ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තේය.

    මීට අමතරව නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෘෘක් සිය එක්දින දිවියේ මංගල ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තේය.

    හැරී බෘෘක්ගේ ඉනිම හතරේ පහර 11ක් සහ හයේ පහර 9කින් වර්ණවත් විය.

    ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසනායේ කඩුලු 3ක් දැවී ලකුණු 357ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

    මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

    ලකුණු 358ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාර ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට වේගවත් ලකුණු 48ක් රැස්කළේය.

    කමිල් මිෂාර ලකුණු 22යි.

    කලකට පසු වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 8කින් ලකුණු 20ක් ලබා ගත්තේය.

    පිතිකරණ ලයිස්තුවේ උසස්වීමක් ලද පවන් රත්නායක අත්‍යාවශ්‍ය මොහොතේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිය මංගල එක්දින ශතකය රැස්කිරීමට සමත් වුණි.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 304ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.