Close Menu
Lanka Focus News
    What's Hot

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNDecember 14, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරාගොඩ සහ කඩවත පොලිස් වසම්වලදීය.

    කොළඹ – හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වැල්ලව පොලිස් වසමේ ගෝනගම – රංගම මාර්ගයේ රත්මලේ ප්‍රදේශයේදී ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ටිපර් රථයේ රියදුරු හා මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිද පුද්ගලයෙකි.

    මේ අතර දංකොටුව – පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර මාතලේ – කුරුණැගල මාර්ගයේ අල්වලවලපිටිය ප්‍රදේශයේදී ලොරි රථයක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රිදීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

    මේ අතර කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත පාලම අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 202603 Views

    රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට…

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.