Close Menu
Lanka Focus News
    What's Hot

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
    International

    අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

    By LFNDecember 14, 2025No Comments1 Min Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද එරට පොලීසිය දන්වා තිබේ.

    විශ්වවිද්‍යාලයද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

    කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් පසු සැකකරු පයින්ම පිටව ගොස් ඇති බවද වාර්තා වන අතර සැකකරු සොයා විමර්ශන පැවැත්වෙන බවත් සඳහන් වේ.

    මේ අතර සිද්ධිය සම්බන්ධව සිය Truth Social හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධව තමන්ට වාර්තා වූ බවත් මේ වන විට එම ස්ථානයට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යොමු වී ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 202605 Views

    ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ වලාන මධ්‍යම දූෂණ…

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.