Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්
    International

    අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්

    By LFNJuly 10, 2025Updated:July 10, 2025No Comments2 Mins Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

    ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිකුත් කර ඇත.

    පසුගිය අප්‍රේල් දෙවන දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක අන්‍යෝනය තීරුබදු පැනවීමක් සිදුකළ අතර එය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණි.

    එම සහන කාලය ඊයේ (09) දිනයෙන් අවසන් වු අතර ඒ අනුව අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබු 44%ක තීරුබද්ද 30%ක් දක්වා අඩු කිරීම ධනාත්මක ප්‍රවේශයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වාදෙන්නේ ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවට බවය.

    මෙය දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවල සහ රාජතාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 6ක් සඳහා ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තිරූබදු පැනවිම සිදුකළ අතර ඒ අනුව ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30%ක තීරුබදු පැනවීමක් සිදුකරනු ලැබීය.

    බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් ලෙසත් අමෙරිකාව විසින් තීරුබදු පැනවීම සිදුකර තිබේ.

    ඊට අමතරව පසුගිය සදුදා දිනයේ ද රටවල් 14කට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තිරුබදු ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    මේ අතර බ්‍රසීලයට 50%ක තීරුබද්දක් පැනවීමට අදහස් කර ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 202600 Views

    ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින…

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.