Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට
    International

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    By LFNJuly 1, 2025No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමක, ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම විශේෂත්වයකි.

    ඉරානය සමඟ පැවති දින 12ක යුද්ධය අවසන් වී ඇති පසුබිමක ඊශ්‍රායලයේ අවධානය නැවතත් ගාසා තීරය වෙත එල්ල වී තිබේ.

    ඒ අනුව ගාසා තීරයේ උතුරු කලාපය ඇතුළු ස්ථාන රැසක් ඉලක්ක කරගත් ප්‍රහාරවලින් ඊයේ පමණක් මෙලෙස පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ඊශ්‍රායල ප්‍රහාරවලින් බටහිර ගාසා හි පිහිටි වෙරළ අවන්හලක් ඉලක්ක වී ඇති අතර, එහිදී පුද්ගලයින් 20කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

    මෙම අවන්හල ගාසා හි රැඳී සිටින මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් වැසියන් ද නිතර රැඳී සිටින ස්ථානයක් ලෙස සැලකේ.

    අල් බඛා අවන්හලට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබුණි.

    මේ අතර ගාසා හි පාසල්, මෙන්ම ආහාර බෙදාදීමේ ස්ථාන ඉලක්ක කරගෙන මෙලෙස ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

    ඒ ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමකය.

    සටන්විරාමයක් ඇතිකරගැනීමට නෙතෙන්යාහු සහ හමාස් සංවිධානය අතර මේ වනවිට සාකච්ඡා පවතින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සමාජ මාධ්‍යයක සටහනක් පළකර තිබුණි.

    එසේ තිබියදී ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරය වෙත ප්‍රහාර තීව්‍ර කරමින් සිටීම විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202607 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.