Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 9ක පෙම වෛරයකට පෙරළෙයි – පෙම්වතිය රෝහලට
    Featured

    වසර 9ක පෙම වෛරයකට පෙරළෙයි – පෙම්වතිය රෝහලට

    By LFNOctober 31, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර – කුඹිච්චංකුලම නිදහස් කලාපය අසලදී ඊයේ (30) පස්වරුවේ තරුණයෙක් විසින් තරුණියකට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

    ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව පොලීසිය පැවසීය.

    බරපතළ කැපුම් තුවාල ලැබූ පෙම්වතිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති බව වාර්තා වේ.

    පොලීසිය පැවසුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පෙම්වතා විසින් සිය පෙම්වතියට මෙලෙස පිහියකින් පහර දී ඇති බවය.

    මෙම තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවට දැනගැනීමත් සමග සැකකරු විසින් සිය පෙම්වතියට මුණ ගැසීමට අවශ්‍ය බව පවසා තිබේ.

    ඒ අතරතුර දී පෙම්වතා සතුව පිහියක් සහ වස බෝතයක් තිබෙන බව තරුණිය දැනගැනීමත් සමග ඇය සිය පෙම්වතාව මඟහැර මීටර් 500ක් පමණ දුරක් දිවගොස් ඇති බව වාර්තා වෙයි.

    එහිදී පෙම්වතා තරුණියව ලූහුබැඳ පැමිණ ඔහු සතුව තිබූ පිහියෙන් තරුණියට මෙලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි.

    එය දුටු පිරිසක් එක්වී තරුණියව බේරාගෙන ඇති අතර ඔවුන් තරුණයාව මෙල්ලකර පෙලීසියට භාරදී තිබුණි.

    ඔවුන් දෙදෙනා වසර 9ක් පමණ කාලයක් පෙම්වතුන් ලෙස සිට ඇති බව සඳහන් ය.

    මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.