Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»වනඅලි ප්‍රහාරය ගැන තරුණයා කතා කරයි
    Uncategorized

    වනඅලි ප්‍රහාරය ගැන තරුණයා කතා කරයි

    By LFNMay 14, 2023No Comments2 Mins Read288 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ සිද්ධියට මුහුණදුන් තරුණයා පවසන්නේ, තමන්ට කඳවුරු බැඳීම සඳහා මඟපෙන්වු පුද්ගලයා එම ස්ථානය අලිමංකඩක් බවට නොපැවසු බවය.

    තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන 22 හැවිරිදි ධනුෂ්ක මධුෂාන් තමා මුහුණ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍යයට අදහස් පළකළේය.

    “බයික් දාපූ සැනින්.. කොල්ලෙක් ආවා දුවගෙන ගයිඩ් විදිහට. අපිව පහළට එක්කගෙන ගියා. ටිකක් පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එයාම සුද්ද කළේ කිව්වා. එතන ටෙන්ට් එක ගහන්න කිව්වා.”

    “උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න. ඔය හරහා එන්නේ නැහැ කිව්වා. අපි නූඩ්ලිස් උයලා කෑවා. කාලා එහෙම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට සද්ද ඇහුණා.. අපිත් එක්ක බල්ලෙක් හිටියා. බල්ලත් එක්ක ඔට්ටු වෙනවා ඇහුණා. මම හිතුවේ වල්ඌරෙක් කියලා.”

    “අලි සද්දයක්වත් ඇහුණේ නැහැ මට. බල්ලා එක්ක ඔට්ටු වෙලා ටෙන්ට් එකේ වැදුණා. ටෙන්ට් එකේ වැදුණත් එක්කම අලියා විසිවුණා. ඊට පස්සේ ආයේ ටෙන්ට් එකට කඩාගෙන ආවා. ටෙන්ට් එක ඉරුනා. එහෙම්මම මම ටෙන්ට් එක ඈත් කළා. හරි ගියේ නැහැ.”

    “අලියා වටේම කැරකෙන්න ගත්තා. මට මොනවා වුණත් කමක් නැහැ එයාට මුකුත් වෙන්න එපා කියලා.. මම එයාව බදාගෙන එයාගේ උඩට ආවා. තේරුණා.. අලියා පාගනවා මාව. මම සද්ද නැතුව එහෙමම හිටියා. බය වෙන්න එපා කියලා එයාට කිව්වා. කකුල අහුවෙලා තිබුණා එයාගේ එයා ඒත් පැය 4ක් විතර මාත් එක්ක හොඳට හිටියා. මගෙන් වෙන මුකුත් ඇහුවේ නැහැ. ඇවිදින්න කකුල හදාගන්න පුළුවන් වෙයි නේද කියලා ඇහුවා. ඇතුළෙන් ලේ ගිහින් මොනවා හරි වෙලා තිබිලා. පැය 4ක් ඉඳලා එයාට කලන්තේ කිව්වා. මගෙන් වතුර ඉල්ලුවා. මටත් නැඟිටින්න බැහැ අමාරුයි. මම කොහොමහරි බෑග් එක කරලා. එයාට වතුර දුන්නා. එයා එහෙමම ඇල වුණා. කලන්තෙ කිව්ව නිසා මම හිතුවා කලන්තෙට එයාට නින්ද යන්න ඇති කියලා. මටත් චුට්ටක් නින්ද ගියා. 1990ට ගහන්න ඇත්තට ඔලුවට ආවේ නැහැ. මම කොල් කළා යාලුවට. කෝල් එක ගන්න යන්න කලින් ටිකක් එළිය තිබුණා. මම එයාව බැලුවා. එයා කතා කළේ නැහැ. මම නාඩි බැලුවා. හරිගියේ නැහැ. නාඩි වැටෙන්නේ ‍නැහැ. එයාගේ ඇස් දෙක යට කළුවෙලා. එතකොට තමයි දැනගත්තේ එයා මගේ ළඟ නැහැ කියලා.”

    කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ තිබූ තරුණ යුවළක් වනඅලි ප්‍රහාරයකට ලක්වුණේ පෙරේදා රාත්‍රියේදීය.

    ඔවුන් අලිමංකඩ හරහා කූඩාරම සකසා තිබූ අතර ඒ හරහා ගමන් ගත් අලියෙකු ප්‍රහාරය එල්ල කර තිබුණි.

    ප්‍රහාරයෙන් තරුණිය ජීවිතක්ෂයට පත්විය.

    ඇය මාතර, කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නම් 23 හැවිරිදි තරුණියකි.

    මියගිය තරුණියගේ දේහය අද ඇයගේ නිවසට රැගෙනවිත් තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.