Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟ‍යට ක්‍රීඩකයින් 32කින් සමන්විත සංචිතයක්
    Sport

    ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟ‍යට ක්‍රීඩකයින් 32කින් සමන්විත සංචිතයක්

    By LFNMay 14, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන ඇෆ්ගනිස්ථාන සහ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟ‍ වටය සඳහා සහභාගීවන 30 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය මේවන විට නම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා.

    ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 2,4, සහ 7 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ‍ වටය සිම්බාබ්වේ දේශයේ දී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 18 වැනිදායි.

    ඒ අනුව ශ්‍රී ලංකා මුලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15ක් හෝ 17 දෙනෙකු අවසන් සංචිතයට නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් විසින් සැලසුම් කර ඇත්තේ.

    මේ අතර ආබාධයන් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන තරගාවලියේ සිට යළි ජගත් ක්‍රිකට් පිටියට පැමිණීමට සූදානම් වනවා.

    චමීර 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ දී ආබාධයකට ගොදුරු වූ අතර ඒ අනුව ඔහු මාස 8කට පසුවයි යළි ජගත් ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ.

    ආබාධය සුව වීමෙන් අනතුරුව පසුගිය නවසීලන්ත පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ද ඇෆ්ගනිස්ථාන තරගාවලියේ සිට යළි එක්දින පිටියට පැමිණෙන්නට සැලසුම් කර තිබෙන අතර ඔහු වසර දෙකට ආසන්න කාලයකින් ජගත් එක්දින තරඟ‍යක් ක්‍රීඩා කර නොමැතිවීමත් කැපී පෙනෙනවා.

    කුසල් ජනිත් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2021 වසරේ ජුලි මාසයේදීයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.