Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්වරම කෝටි 05ක් ආ බැංකු ගිණුම් දෙකක් තහනම් කරයි
    Featured

    එක්වරම කෝටි 05ක් ආ බැංකු ගිණුම් දෙකක් තහනම් කරයි

    By LFNMay 9, 2023No Comments1 Min Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවට අනාවරණය වූ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ.

    මෙලෙස බැංකු ගිණුම් අත්හිටුවා ඇත්තේ ගුණරත්න සුජිත් සිල්වා නොහොත් “හික්කඩුවේ ඉස්සෝ සුජි” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකුගේ ගිණුම් දෙකකි.

    එම කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුම්වල රුපියල් කෝටි 05කට අධික මුදලක් තැන්පත් කර තිබූ බවය.

    විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී එම මුදල් බැංකු ගතව ඇති බවය.

    පොලීසිය පැවසුවේ අදාළ ගිණුම්, මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට අයත් බවට හඳුනාගෙන ඇති බවය.

    2021 අගෝස්තු 03වනදා සිදුකළ වැටලීමකදී හොරයින් ගෑම්12යි මිලිගෑම් 350ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් සමග අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    එම සැකකරු “හික්කඩුවේ ඉස්සෝ සුජි” නමැත්තා ගේ මුදල් භාරකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ද සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසන්නේ අනතුරුව ඒ සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ගිණුම් දෙකේ හිමිකාරීත්වය දරණ සැකකරු මම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලබාගත් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.