Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවාස ව්‍යාපෘතිය යළි අරඹන්න භාණ්ඩාගාරයෙන් රු මි 751ක්
    Featured

    නිවාස ව්‍යාපෘතිය යළි අරඹන්න භාණ්ඩාගාරයෙන් රු මි 751ක්

    By LFNMay 8, 2023No Comments2 Mins Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ.

    ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් එම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් එම මුලද ලබාදී දුන් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2,265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

    “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

    2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ.

    එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හා රට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරවල තාවකාලිකව නතර කෙරුණු බවය.

    මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022ක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.