Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පහරදීමට එරෙහිව පාරිභෝගික නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක්
    Featured

    පහරදීමට එරෙහිව පාරිභෝගික නිලධාරීන් සංඛේත වැඩ වර්ජනයක්

    By LFNMay 6, 2023No Comments1 Min Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පලකරමින් සංඛේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වන බවය.

    එමෙන්ම ඒ මහතා පැවසුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළෙඹෙන බවය.

    නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක බිත්තර තොග සඟවාගෙන ඇති බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහර දීමක් සිදුව තිබුණි.

    අනතුරුව එම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයිගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ කුකුළු ගොවිපල වෙත අනාරක්ෂිත ලෙස ඇතුළුවීමට පාරිභෝගික නිලධාරීන්ට හැකියාවක් නොමැති බවය.

    කෙසේවෙතත් සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ ඕනෑම වෙ‍ළෙඳ පරිශ්‍රයකට ඇතුළුවීම සඳහා නෛතික බලයක් තමන්ට පවතින බව ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.