Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු වැඩිවීම ගැන සෞඛ්‍ය අංශය අනතුරු අඟවයි
    Featured

    ඩෙංගු වැඩිවීම ගැන සෞඛ්‍ය අංශය අනතුරු අඟවයි

    By LFNMay 6, 2023No Comments1 Min Read245 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “ඩෙංගු” වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

    සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බවය.

    2022 මැයි මාසය අවසන් වන විට වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි.

    නමුත් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි.

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6,953කි.

    දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    මේ වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම්කරන අතර වසරේ අද දක්වා කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1,262කි.

    ඒ අනුව සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ‍ අවදානමක් පවතින බවය.

    ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

    “ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානමක් තිබෙනවා. 2017දී අපි දැක්කා විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 186,000ක්. ඒ වගේ අවස්ථාවකදී හැම රෝහලකම ඉඩකඩ නැති වුණා. ඒ තත්ත්වයට එයිදෝ කියන අවදානමක් පිළිබඳ සැකයක් අපිට තිබෙනවා දැන් තිබෙන තත්ත්වයත් එක්ක. රෝගීන් වැඩි වුණොත් කළමනාකරණය කරගැනීම ප්‍රායෝගිකව අපහසු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.