Close Menu
Lanka Focus News
    What's Hot

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු 03 වෛරසය ගැන ජනතාව දැනුවත් කෙරේ
    Featured

    ඩෙංගු 03 වෛරසය ගැන ජනතාව දැනුවත් කෙරේ

    By LFNMay 3, 2023No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබේ.

    මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළඳීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි.

    ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඉන් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වන්නේ ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙකය.

    ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා හැඳින්වෙන්නේ ඩෙංගු වන් (DEN 1), ඩෙංගු ටූ (DEN 2), ඩෙංගු ත්‍රී (DEN 3) සහ ඩෙංගු ෆෝ (DEN 4) ලෙසිනි.

    මේ අතර වසර 12කට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර යමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් එය උග්‍රවීම වළක්වාගත හැකි බවය.

    ඔබගේ ගෙවත්තේ ද ඩෙංගු මදුරු ව්‍යාප්තිය සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය වෙයි.

    මේ අතර ඩෙංගු රෝගයේ වර්ධනයක් වාර්තා වන පසුබිමක මී උණ ව්‍යාප්තියේ වර්ධනයක්ද මේ වනවිට පෙන්නුම් කරයි.

    මේ අතර කොවිඩ් මරණයක් පසුගිය (01) සිදුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (02) නිවේදනය කළේය.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ බව තහවුරු කර ඇති බවය.

    එසේම තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇත.

    එවන් පසුබිමක සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවත් ජනතාව විමසිලිමත් වියයුතු බවය.

    පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සැලකීමේදී දෛනිකව ආසාදිතයින් 5කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වෙයි.

    ඒ අනුව මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානය යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,459 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 202607 Views

    සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ. ඒ, ක්‍රිස්තු…

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026

    කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

    August 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.