Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට නිර්දේශ නිකුත් වෙයි
    Featured

    ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට නිර්දේශ නිකුත් වෙයි

    By LFNMay 2, 2023No Comments2 Mins Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබා දී තිබේ.

    රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිය ඡන්ද කොට්ඨාසයෙන් භාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවය.

    ඒ අනුව ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

    “පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා සිටින සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා විසින් දාලා තියෙනවා. අපට මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් ලබා දුන්නා, තමන් ඡන්දය ඉල්ලන පළාත් පාලන බලප්‍රදේශයෙන් පිටත ළඟම තැනකට ඔවුන්ව නැවත සේවයේ පිහිටුවලා ඒ අයට තමන්ගේ වැටුප හා දීමනා සියල්ලම ලබාගන්න පුළුවන් විදියට කටයුතු කරන්න. ඒක මැතිවරණයට නාමයෝජනා දීලා ඉන්න අයට පමණයි. එතකොට ඡන්දය අවසන් වු ගමන්ම ඒ අයට හිටපු තැනට ඇවිත් වැඩකරන්න පුළුවන්. ඒ එක්කම තමන්ගේ නෝනා හරි මහත්තයා හරි ඡන්දේ ඉල්ලනවා කියලා මාරු කරපු අය පිරිසක් ඉන්නවා. ඒ අය තමන් වැඩ කරපු තැන ඇවිල්ලා වැඩකරන්න පුළුවන්.”

    මේ අතර පළාත් පාලන ආයතනවල කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සියලු පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

    “පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරු චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ක්‍රමවේදයක් සකස් කරලා පළාත් පාලන ආයතනවල වැඩකරන්න ඕනේ කොහොමද කියලා. ඒ අනුව දැන් කටයුතු කරගෙන යනවා. ඒ ගැන අපි විශේෂයෙන් සොයාබැලීමකුත් කරනවා අමාත්‍යාංශයක් හැටියට. ආණ්ඩුකාරතුමාව ලේකම්තුමාව කැඳවලා අපි මේ වෙනකොට පළාත් සභා 8ක සාකච්ඡා කරලා තියෙනවා. තව අපිට වයඹ පළාත විතරයි සාකච්ඡා කරන්න තියෙන්නේ. සියලු පළාත්වලට අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.