Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ දෙවන අදියර ඇරඹෙයි
    Featured

    අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ දෙවන අදියර ඇරඹෙයි

    By LFNApril 29, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

    යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අඩු ආදායම්ලාභී ජනතාවට නොමිළේ සහල් බෙදාදීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් මෙම අදහස් පළ කළා.

    2022/2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වුණා. එය යාපනය තෙලිප්පලෛ සහ වෙලනෙයි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

    අඩු ආදායම්ලාභී ජනතාව වෙත සහල් බෙදාදීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක අතින් එහිදී සිදු කෙරුණු බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

    මෙලෙස ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමේ වැඩසටහන ආරම්භ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මතයි. එම වැඩසටහන මඟින් දිළිඳු ජනතාවට සහනයක් මෙන්ම ගොවීන්ටද සිය අස්වැන්න සඳහා නියම මිලක් ලබා ගැනීමටත් හැකි බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසුවේ.

    එමෙන්ම, කුඩා වී මෝල් හිමියන්ටත් මෙම වැඩපිළිවෙළ ශක්තියක් වනවා. අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනෙහි පළමු අදියර ආරම්භ වුණේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙරයි. එහි දෙවන අදියර අද මෙලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 202600 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.