Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හම්බන්තොට ලෝක මට්ටමේ විස්තීර්ණ වරායක් කිරීමේ තීරණයක්
    Featured

    හම්බන්තොට ලෝක මට්ටමේ විස්තීර්ණ වරායක් කිරීමේ තීරණයක්

    By LFNApril 28, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චයිනා මර්චන්ට් සමූහය කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා පවසයි.

    එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත වෙමින් එහි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ අතර එහිදී මේ බව පවසා තිබේ.

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගබඩා පර්යන්තය, තෙල් ජැටිය, වාහන ප්‍රතිනැව්ගත කිරීමේ පර්යන්තය සහ අලුතෙන් විවෘත කරන ලද තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නැරඹීමේ අවස්ථාවටද මෙහිදී එක්වුණි. .

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය සහකරු ලෙස කටයුතු කරනු ලබන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම රටවල් සහ කලාප 25ක් පුරා වරාය 42ක ජාලයක් සමග දකුණු ආසියාව, අප්‍රිකාව, මධ්‍යධරණී සහ දකුණු අමෙරිකානු කලාපය තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යති.

    මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ සයිනොපෙක් වැනි ජාත්‍යන්තර ව්‍යවසායකයින් සමග සිය සහයෝගීතාවය පුළුල් කිරිම, වාහන ප්‍රතිනැව් ගත කිරීම, ඉන්ධන සහ ගෑස්, බහාලුම් හැසිරවීම් වැනි සංවර්ධන කෙරෙහිද චයිනා මර්චන්ට් සමූහය සිය අවධානය යොමුකර ඇති බවය.

    සැපයුම් දාම සේවා අඛණ්ඩව වැඩිදියුණු කරමින් ලෝක මට්ටමේ විස්තීර්ණ වරායක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය ගොඩනැගීම චයිනා මර්චන්ට් සමූහයේ අභිප්‍රාය වී ඇති බව සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එහිදී අදහස් දැක්වූ චයිනා මර්චන්ට් සමූහයේ සභාපති මියාඕ ජියැන්මින් මහතා,

    “පසුගිය වසර කිහිපය තුළ, විශේෂයෙන්ම පසුගිය වසරේ ඉන්ධන සහ ඛනිජ තෙල් මෙහෙයුම් නතර වී තිබූ අවධියේ හම්බන්තොට වරාය ඒ සඳහා යොදාගනිමින් ඔබ විශිෂ්ට සේවයක් ඉටුකළා. එහිදී හම්බන්තොට වරායේ සාමාන්‍ය කටයුතුවලට අමතරව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරමින් ඉන්ධන සහ ඛනිජ තෙල් මෙහෙයුම් සිදුකරන්නට ඔබට හැකිවුණා. එලෙස ඔබ සිදුකළ කැපකිරීමට මම කෘතඥතාව පළකර සිටිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.