Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය
    Featured

    අමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය

    By LFNApril 27, 2023No Comments2 Mins Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත දන්වා තිබේ.

    වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට සිය රටට ඇතුළු වීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය තහනමක් පනවනු ලැබීය.

    අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා විශ්වාසනීය ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

    රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් 2023 විසර්ජන පනතේ 7031(c) වගන්තියට අනුව මෙම තීරණයට එළැඹි බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා එලෙස නම් කිරීම මගින් එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයගේ දුක්වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතාව පදනම් වී ඇත්තේ වසර 75ක හවුල් ඉතිහාසය, සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීම මත බවය.

    ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරම, මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා මෙන්ම නැගී එන ආරක්ෂක ගැටලු විසඳීම උදෙසා ශ්‍රී ලංකාවට නිසි ලෙස සම්පත් හා පුහුණුව ඇති බව සහතික කරමින් ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.