Close Menu
Lanka Focus News
    What's Hot

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන් අතර සමේ රෝගවල වැඩිවීමක්
    Featured

    දරුවන් අතර සමේ රෝගවල වැඩිවීමක්

    By LFNApril 20, 2023No Comments2 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    ඔහු පවසන්නේ වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවය.

    එමෙන්ම මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පැවසු වෛද්‍යවරයා, කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බව ද පැවසීය.

    “රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

    මේ අතර අද (20) දිනයේද දිස්ත්‍රික්ක 11ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව නැගෙනහිර, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට එම අවදානම් උෂ්ණාධික කාලගුණ තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    බදු පරිපාලනයේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට

    August 10, 202601 Views

    බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.