Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රිළා ගැටලුවට විකල්ප කිහිපයක් යෝජනා කෙරේ
    Featured

    රිළා ගැටලුවට විකල්ප කිහිපයක් යෝජනා කෙරේ

    By LFNApril 18, 2023No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිළවා යනු ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව කොට්ඨාසයකි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්තවලට අනුව මෙරට රිළා ගහනය ලක්ෂ 30 කට අධිකය.

    කෙසේවෙතත් වගාවන්ට සිදුකරන හානියත්, බෝවීම අධික බවත් හේතුවෙන් මේ වනවිට රිළා ගහනය දැඩි ගැටලුවක් බවට පත්වී තිබේ.

    චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලක්ෂයක් යැවීමේ යෝජනාවක් ඉදිරිපත්වූයේ මෙවන් වාතාවරණයකදීය.

    ඊට පරිසර හා සත්ත්ව සංවිධාන විරෝධය පළ කරන පසුබිමක රිළා ගහනය අඩුකිරීම හදිසි අවශ්‍යතාවක් වී ඇති බව ගොවිජන සංවර්ධන බලප්‍රදේශවල ගොවීන් ද පෙන්වා දෙයි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව 2022 වසරේ මුල් මාස 06 තුළ ආහාර බෝග 28ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989 ක් සහ පොල් ගෙඩි මිලියන 93 ක් ‘වන සත්ත්ව හානි’ මගින් විනාශ වී ඇති අතර එම හානිය දළ වශයෙන් රුපියල් මිලියන 30,000 කට අධිකය.

    මින් වැඩිම හානිය සිදුවී ඇත්තේ රිළවුන්ගෙන් බව වාර්තා පෙන්වා දෙයි.

    පිළිවෙළින් පොල්, එළවළු, වී, කෙසෙල් සහ බඩඉරිඟු යන වගාවලට රිළවා වැඩි වශයෙන් හානි කර ඇත.

    ගොවිජන සංවර්ධන බලප්‍රදේශ 200 කට ආසන්න ගණනක රිළවුන් වගා හානි සිදුකර ඇති අතර දත්ත වාර්තාවන්ට අනුව දඬුලේනා, ඉත්තෑවා, වල් ඌරා, වන අලියා, මොණරා ආදි සතුන්ගෙන් සිදුව ඇති හානිය රිළවුන්ට සාපේක්ෂව පවතින්නේ අඩු අගයකය.

    සංශෝධිත සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සකස් කිරීමට දායක වූ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ මෙම සැබෑ ගැටලුවට ක්‍රියාත්මක කළ හැකි මානුෂිය විසඳුම් පවතින බවය.

    “රිළා ගහනය පාලනය කිරීම‍ෙ ගැහැණු සතුන් සඳහා වඳ සැත්කම්, රිළා පිරිමි සතුන් සඳහා නාලය ගැට ගැසීම වැනි මිනිසුන්ට කරන ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම සතුන්ට වඳ පෙති ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වඳුරන් වගාවලට එනකොට උන් පළවා හරින්න විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. ඒ කියන්නේ විද්‍යුත් උපකරණ පාවිච්චි කරලා ශබ්ද ඇති කරලා මේ සත්තු පලවාහරින ක්‍රම තිබෙනවා. මේ කළු මුහුණක් තිබෙන වඳුරාව පුහුණු කරලා තියෙනවා ඉන්දියාව.. වගාවට හනි කරන වඳුරු රිළවු පළවාහරින්න. Monky Puzzle Tree යන ශාකය වගාබිම්වල වගා කරනවා ඒ සතුන පළවා හරින්න. මේ සතුන එම ශාකයට බියක් දක්වනවා.”

    කෙසේ වෙතත් රිළා ගහනය පාලනය සඳහා ගන්නා පියවර මෙන්ම චීනයේ සත්වෝද්‍යාන සඳහා රිළවුන් ලක්ෂයක් යැවීමේ අවසන් තීරණය පවතින්නේ රජය සතුවය.

    ඒ අනුව මේ පිළිබඳ රජයේ ස්ථාවරය අප කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

    එහිදී ඔහු පැවසුවේ චීනයට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026051 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.